අද්දර ජීවිත  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



මැඳුරු දොරකඩ පිලක ඉහිරෙන
බත් පතක රස බලන හිතකට
උන්ගේ කරුමය කියනු වෙනුවට
නැතිද ලෙංගතු වදන් හිත අග

හිතක නිකැළැල් වේදනාවන්
දකින තුරු බිඳ චේතනාවන්
උන් ලගින අතු පැලක අහලින්
වැඩ සිටීවිද දේවතාවන්

පන්සලේ බණ මඩුව කොනකින්
උන්ට ඉඩ නැති අරුම දකිමින්
සරණ තිසරණ නොදැක රහසින්
උන් දකීවිද නිවන් කෙලෙසින්




This entry was posted on Friday, April 29, 2011 at Friday, April 29, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

අරගත්තත් සිල් පන්සලේ හැමදාම
උනු නොවෙන හිතකට අසරන වීම
නොපෙනුනොත් කෙනෙකුගෙ බඩ ගින්න
අදහන දහම කුමටද ඔහු හැමදාම

April 30, 2011 at 8:59 PM

පණ නල රකින හුස්ම ගන්නේ අවට පිරුණ වාතයෙන්, ඉවතට පිඹින්නේත් ඒ වායුගෝලයටම.
බිම්කඩ හාරලා වතුර ගන්න ලිඳ උතුරලා ගියත් වැටක්. දෑත්වල සවියට රැස් වෙන කෑමටත් ඒ ටිකමයි.

වායුගෝලයේ වාතය, පොලෝතලය යටින් ගලන වතුර, කුස පුරවන ආහාර කාටත් අයිති දේවල් වුනත් අවාසනාවට එය ලබාගන්නාගේ හැකියාව අනුව අයිතිවෙන සම්පත්.

කවදත් වගේ කියවන අය බොහෝ දුර අරන් ගිය පදපෙලක් මල්ලී.

April 30, 2011 at 9:53 PM

මම කවිය ලිව්වෙත් මේ පින්තුරෙ දැකලා.. ඔයාගේ කවි පෙල මම ලියපු එකට වැඩිය ලස්සනයි යාළුවා...

April 30, 2011 at 11:12 PM

චාන්දි අක්කා හා ඩින් අයියට ගොඩක් ස්තුති නිර්මාණය ගෑන අදහස් දෑක්විම ගෑන. දිනේෂ් මම මේ කවිය ලිව්වේ ඇත්තටම මම දැකපු දෙයක් නිසා. මම හැමදාම වැඩ ඇරිලා ගෙදර එනකොට දකින පාරේ ඉන්න පොඩි එකෙක් හිතේ තියාගෙන. පුදුමෙ කියන්නෙ ඔයත් එදාම ඊට පැය කිපෙකට කලින් මේ වගෙම වීදි දරුවො ගැන ලියලා තිබ්බා ඒකට දාල තිබ්බෙත් මේ රූපයමයි. මට ඒක පෙන්නුවෙ අපේ නලිනි චන්දිමා අක්කා. ඔයාගෙ නිර්මාණයත් ගොඩක් ලස්සනයි, ස්තූති ඔයාගෙ අදහස් දෑක්වීමට.

April 30, 2011 at 11:31 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්